ඉතා සුන්දර පරිසරයකට හිමිකම් කියන ගා/ හප්පිටිය කනිෂ්ඨ විද්‍යාලය වසර එකසිය දාහතක පමණ ඈතට විහිදුණු ඉතිහාසයක් ඇති බවට සාක්ෂි ඇත. 1905 වර්ෂයේදී ළමුන් විසිතුන් දෙනෙකුගෙන් ආරම්භ කර ඇති මෙම විදුහල පොල් අතු සෙවිලි කල කුඩා ශාලාවකින් සමන්විතව ඇත.

මෙහි ලියාපදිංචි පළමු ශිෂ්‍යයා එස්.ඩී.එල්. ඇල්පේරිස්ය. ඔහුගේ උපන්දිනය 1897 වර්ෂයේ බව සටහන්ව ඇත. එස් පවත්වාගෙන යන පාසල 1941 වන විට ළමුන් 60 ක් පමණ අධ්‍යාපනය ලබා ඇත. ඒ වන විට පාසලේ විදුහල්පතිතුමා ඇතුළුව ගුරුභවතුන් දෙදෙනෙක් පමණක් සේවය කර ඇත.
1946.02.27 දින ලොග් සටහන
අද දින දහවල් දොලහට මේ පාඨශාලාවේ මුල් ගුරු උපගුරු යුවල ඔවුන් අභිනවයෙන් පත් කරන ලද ගා/ කුට්ටිවත්ත පාඨශාලාවට යාම පිණිස පිටත් විය.1921.07.01 දින පටන් අද දින දක්වා කාලය අප දෙදෙනා ඉතා දුකසේ මෙහි රාජකාරි කළ බව කියනු කැමැත්තෙමි. ගඟ හා ඇල නිසා පාඨශාලාවට ළමුල් ගෙන්වා ගැනීම උගහට වූ කරුණකි. මෙම කරුණු දෙක සම්පූර්ණ වන තුරු කිසි කලෙක පාසල දියුණු කළ නොහැකිය. ගම්වාසීහුද ළමුන්ට ඉගැන්වීම ගැන කිසිසේත් උනන්දු නොවෙති. ඔවුන් පාඨශාලාවෙන් උදවු බලාපොරොත්තු වනවා මිස පාඨශාලාවට උදවු වන ස්වභාවයක් ඇත්තේම නොවෙති. කිසිඳු සිමිති සමාගමක් ඔවුන් සමඟ කිරීම උගහටය.
විදුහල්පති
මෙම දුෂ්කරතා මතින් ඉදිරියට ආ පාසල 1960 පමණ වන විට ළමුන් 140 ක් පමණ සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම ගුරුවරුන් සංඛ්‍යාව 5කි. 1960.01.01 දින සිට විදුහල්පති වශයෙන් ඩී.ජී.ඊ. සුගුනදාස මහතා වැඩ භාරගෙන ඇත. එතුමා 1967.01.01 දින දක්වා මෙම පාසලේ සේවය කර ඇත. පාසල යහපත් මට්ටමකට රැගෙන ඒමට එතුමා කැපවී සේවය කර ඇති බව පෙනේ.
2017.11.16 දින මෙම පාසලට පත්වීම ලබා පැමිණි වර්තමාන විදුහල්පතිතුමා වන බී.ජී.එන්. උදයකුමාර මහතා නව දැක්මක් හා මෙහෙවරක් ඔස්සේ විද්‍යාලයේ සිසුන්ගේ හා භෞතික පරිසරයේ දියුණුව සඳහා උපරිම සේවය ලබා දෙන අතර එතුමාගේ කාලයේදී සිසුන් සංඛ්‍යාව 180 සිට 320 දක්වා වර්ධනය විය. අධ්‍යාපනය මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් රාශියකින්ද සමන්විත වන අප විද්‍යාලය ප්‍රදේශයේ පිහිටි දීප්තිමත්ම පාසලකි.
{QF3=5}